Sunday, December 4, 2016

කාලීන සිදුවීම් තොරතුරු දැනුම කලාව සමගින් අළුත් බ්ලොග් එකක් " තරිඳුගේ ලෝකය "

සිනමාවේ යථාර්තය

      අද මම ඕගොල්ලන්ට අරගෙන ආවෙ ලෝකප්‍රකට  චිත්‍රපට කිහිපයක දර්ශනයන් සකස් කරපු ආකාරයයි, චිත්‍රපට බලන අපි හැමෝටම මේ දර්ශන සෑබෑවක් විදිහට පෙනුනත් මේ දර්ශන ඇත්තටම සකස්කරන්නෙ විශේෂ ප්‍රයෝග යොදා ගනිමිනුයි. ඒ ප්‍රයෝග කොච්චර දක්ෂ විදිහට සිනමාවේදී යොදා ගෙන තියෙනවද කියල මේ ටික බැලුවම ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් .
                                         
                                The Avengers




.......................................................

පිවිසුම

Friday, December 2, 2016

කාලීන සිදුවීම් තොරතුරු විචාර සමගින් අළුත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " මගේ පිලොසොෆිය "

දෙකක් නැමුවොත් සින්දුවක්


මාසයකට දෙතුන් සැරයක් විතර 'වික් එන්ඩ්' එකේ ඇළ අයිනේ තද පාට බෝතලයක් වටා එකතුවන සෙට් එකේ 'චෝකයා' මෙහි කතානායකයයි. සිංහල හෂාවේ වචන මැරීමට උපන් හපන් කම් දක්වන නිසාම දන්නා කාලේ ඉඳලා ඌට චෝකයා ලෙසට වෙනත් නම් යටතේ ලියාපදිංචි වී තිබුණි. වඩි දෙකක් විතර හුවමාරු වූ පසු 'ලකා' සින්දුවක් කියමු කියමින් 'බොන්ගෝ' එක ගෙනත් බලෙන් හරි කරට දම්මවන අතර, මේ ඊට පසු ඇති වන තත්වයි.

ලකා - හරි චෝකේ කියමු
බසියා - අඩෝ චෝකේ උබ ඉදපන් ලකා කියයි
චෝකේ -  ලකා මන් එකක් අල්ලන්නද?
ලැම්බා - මේ චෝකේ වඳින්නම් කට වහගෙන ඉන්නවද?
චෝකේ  - පෙම් රජ දහනේ අහස් මාලිගා...

(ලකා බොන්ගෝ එක ගහන්න පටන් ගන්නවාත් සමගම)

බසියා - අනේ නවත්තපිය ඕක. ගිය සතියෙත් ගැහුවා නේද බං.
චෝකේ - ඉතිං මොකෝ? උබලට ගිය සතියෙත් ඕල්ඩ් එකක්ම ගහල මේ සතියෙත් ඕල්ඩ් එකක් ගහන්න හොඳයි එකම සින්දුව කියන්න හොඳ නෑ
රංග - යකෝ අහල පහල මිනිස්සුත් අහගෙන ඉන්නවනේ, එකම සින්දුව අහලා කට පාඩම් උනොත් එක අනිත් ගායකයන්ට කරන අසාධාරණයක්. එක නිසා වෙන එකක් ගහමු. ලකා උබ අල්ලපන්

(ලකා සින්දුවක මුල් වාදනයෙන් පටන් ගනියි)
.......................................
 
පිවිසුම

Thursday, October 20, 2016

තූරතුරු විවිධාංග සමග විචාර රැගෙන එන තවත් අළුත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " A T Sudarshana "

ගෞරවණීය සොඳුරු ප්‍රේමය

මහනුවර ඉඳලා ගම්පහට සේන්දු වුන මගේ පාසැල් ජීවිතයේ ඊළඟ නවාතැන වුනේ ගලහිටියාව සෙන්ට්‍රල් එකයි. පහේ පන්තියේ ඉඳලා ඉස්කෝලේ හිටපු හැමෝම අභිබවමින් අටේ පන්තියේදී ඉස්කෝලෙට ආපු මම එකොළහ වසර වනවිට  පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත් වෙන්න  සමත්වුනා.
එකොළහ වසරට අලුතෙන් පාසැලට ආපු ලස්සන ගැහැණු ළමයෙක් ගැන මගේ හිතේ උනන්දුවක් ඇතිවුනා. ලස්සන කවියක් ලියලා මගේ හිතේ ඇය ගැන තිබුන අදහස දන්වලා යැවුවා. මුතුකැට වගේ ලස්සන අත් අකුරු වලින් මට පිළිතුරක් ලැබුණා. එයින් කියවුනේ ඒ වනවිටත් ඇයට පෙම්වතෙක් සිටින බවයි. පාසලේ බාහිර වැඩ වල කාර්යබහුල මා එක්ක ඇය කිසි අමුත්තක් නැතිව සිනහමුසු මුහුණින් යුතුව වැඩ කලා. හිතේ විශාල දුකක් තිබුනත් අමුත්තක් නැතිව මමත් පාසලේ වැඩ කටයුතුවල නිරතවුණා.

ඒත් ටික දවසක් ගතවෙනකොට ..........
“ ඉස්කෝලේ මේන් හෝල් එකට ඔයා ඇතුල් වෙනකොටම ඒ වෙනතෙක් කෑ කෝ ගහ ගහ හිටපු  දාහක් විතර ළමයි ඇල්පෙනෙත්තක් බිම වැටුනත් ඒ ශබ්දේ ඇහෙන තරමට නිශ්ශබ්ද වුණා. මම නම් වශී උනේ ඔයාගේ ලස්සන හිනාවට.  ඒත් මුළු ඉස්කෝලෙම වශී කර ගන්න සමත්වුණ ඔයාගේ පෞරුෂය ගැන මට හරි ආඩම්බරයි.”
ඒ වගේ ලියුම් ලියන තරමට ටික දවසක් ගතවෙනකොට ඇය මට ගොඩාක් සමීප වුනා. පාසැලේ ප්‍රධාන ශිෂ්‍යනායකයා වූ නිසා ඇගේ ඇසුර මට මදහසින් දක්වන හැගීමකටත් ඇස් වලින් කරන කතාවකටත්  පමණක් සීමා වුණා. එක දවසක් ඒ සීමිත ආදරය නවත්වමු යැයි ඇය යෝජනා කළා. ඊට හේතුව ඇය  ඇගේ  ප්‍රථම ප්‍රේමයට පිටුපෑමට තිබූ අකමැත්තයි.
උසස්පෙළ පළමුවරට ලියා සරසවි වරම් නොලැබුන නිසා දෙවනවර විභාගයට සුදානම් වෙමින් සිටි මට මේ තීරණය දරා ගැනීමට ඉතා අපහසු වුණා. පාසලේ ප්‍රධාන ශාලාව ඉදිරිපිටදී ඇය හමුවූ වේලාවකදී මම ඇගෙන් ඉල්ලීමක් කළා. “මගේ එග්සෑම්  එක ඉවරවෙනකම් ඔයාගේ තීරණය කල්දාන්න පුලුවන්ද ? ඊට පස්සේ ඔයාගේ ඕනෑම තීරණයකට මම කැමති වෙන්නම්”.  ඇය හා කිව්වා. මට මුළු ලෝකෙම ලැබුණා වගේ දැනුනා.

එදාට පස්සේ අපි දෙන්නා කවදාවත් මුහුණට මුහුණ හමු වුනේ නෑ. ඒත් ඇය මගේ ආදරවන්තිය කියලා හිතින් හිතාගෙන මම ඉතා කැපවීමෙන් අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. උසස්පෙළ ප්‍රතිඵල අනුව මම වෛද්‍ය විද්‍යාලයට සමත්වූ බව මුළු පාසලටම දැනගන්න ලැබුණා. මගේ ජයග්‍රහණය ගැන ඇයට කියන්න මග බලන් හිටියත් මට ඇයව  හමුවුනේ නෑ.

එක දවසක් ගම්පහ දුම්රියස්ථානයේ විරුද්ධ දිශාවේ වේදිකාවේ ඇය සිටිනවා මම අහම්බෙන් දැක්කා. සෙනග අතරින් කොහොම හරි ඇය සිටින තැනට මම යනවිට ඇය එතැනින් මාව මගහැර ගොස් තිබුනා. ඊට පස්සේ කවදාවත් ඇය මට හමුවුනේ නෑ. වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලය තුල හැමදාම මට ඇයව මතක් වුණා. ඉතා සංවේදී මානසික තත්වයකදී එක වචනයකින් ඇය මා වෙනුවෙන් කල කැපවීම නොවන්නට මම අද මෙතැන නැති බව මට අදටත් හිතෙනවා. මුළු ජීවිත කාලය තුලම ඇයගේ ඒ කැපකිරීමට මගේ හිතේ ඇති ගෞරවය නැතිවෙන්නේ නෑ. නපුරු නොවී මගේ හිත සතුටින් තැබූ ඇය අද කොහේ හෝ ඉතා සතුටින් ජීවත් වෙනවා ඇතැයි මට හිතෙනවා.



.........................................................
 
 පිවිසුම

Tuesday, October 18, 2016

තොරතුරු විවිධාංග සමගින් සාහිත්‍යමය රසවින්දනය ගෙනෙන අළුත්ම බ්ලොග් එකක් " දෙවුදුව "

එදා ඉඳන්!












 
මට මතක හැටියට එදා හරිම මූසල, පාලු දවසක්. හරියට පාට නොකරපු, බොඳවෙච්ච, අඳුරු චිත්‍රයක් වගේ. තාත්තා ඊට ටික දවසකට කලින් රෝහලට ඇතුල් කරලා තිබුණා. උණ රෝගයක්. ඒ එක්කම දොස්තරවරුත් ස්ට්‍රයික් කරලා. අම්මා මාව ඇදගෙන රෝහලට දුවනවාත්, අමාරු වුනු තාත්තාට ලේ හොයන වැඩේට සීයා තාත්තා දුවනවාත් මට යාන්තමට මතකයි. අපි එදා හවස තාත්තා බලන්න යද්දි එයා හැසිරුනේ අමුතු විදියකට. 
"මට දුක මගේ කෙල්ල ගැන" එයා අම්මාට කීවා. වෙනදා දකින තාත්තාට වඩා වෙනස් කෙනෙක් තමා ඒ ඇඳේ දිගා වෙලා හිටියේ. මගේ තාත්තා උස, සුදු, ලස්සන කෙනෙක්. එයා මාව අතින් අල්ලන්න හදනකොට මම අම්මාට පස්සට වුනේ බයෙන්. තාත්තාගේ ඇස්වල කඳුලු මම යන්තමට දැක්කා.
"පිස්සු කතා නොකියා ඉන්න" අම්මා තරමක් තදින් කීවා. "මම ඔයා ආසා එලවලු සුප් එකක් අරන් හවසට එන්නම්"
අම්මා ගෙදර ගිහින් නිදාගත්තා. මම ඇගේ පය පාමුල මගේ බෝනික්කා එක්ක සෙල්ලම් කලා. හදිසියේ ඉස්සරහා දොර ඇරෙනවාත්, කටහඬවල් වගේකුත් ඇහුනා. අම්මා ඇස් ඇරියා. කාමරේ දොර ඇරගෙන ආවේ අම්මාගේ පොඩි නැන්දා. ඇගේත්, ආච්චි අම්මාගේත් මූනු දැක්ක මගේ අතින් බෝනික්කා බිම වැටුනා. එයාලා අම්මා දිහාට නැවිලා මොනවදෝ හිමිහිට කීවා. අම්මා කෑගහන ගමන් මාව තල්ලු කරලා දැම්මා. ආච්චි අම්මා මාව අරගෙන අඬමින් කාමරෙන් එලියට ගියා. මට මතක මම බෝනික්කා උඩින් යන එක විතරයි. ........................................

පිවිසුම
http://devduwa.blogspot.com/

Monday, October 17, 2016

කාලීන සිද්ධි තොරතුරු සමග අළුත් විවිධාංග බ්ලොග් එකක් " කොච්චි මිරිස් "

විස්කි සහ සුරුට්ටු සමග බ්ලොග් ලිවීම, අකලට මළ රණවීර සහ බැට් එකෙන් කල පොළොං හටන

අද කොච්චියා ඉන්නේ කතන්දර අතර හිර වෙලාය. සිදුවීම් සහිත කතා ගණනාවක් තිබුනාට මේ වෙලාවේ ඔලුවට එන්නේ එකම එක චරිතයක් ය. මිනිහා අද හුස්ම ගන්නේ නැත්තේය. මැරී වල පල්ලේය. හැබැයි මගේ හද පතුලේ ඉන්නේය. අකලට මළ ඒ මිනිහා රණවීරය. මගේ තාත්තාගේ වසර ගණනක රියදුරාය… මරාගෙන මැරෙන්නට පවා රෙඩි පිට උන් මිනිහාය.
රණවීර කියන්නේ සීටීබී ඩ්‍රයිවරයෙකි… මිනිහාව අපට ගෙනාවේ යුද හමුදාවෙන් පැන ආ ඉනසන්ට් ය. එනම් රණවීරට කලින් උන් ඩ්‍රයිවර් ය. උගේ නම ඉනසන්ට් උනාට ඌද පට්ට මදාවියෙකි...අපි පොඩි කාලේ වෑන් එකට නැග්ගාම ඌ අපට කිව්වේ ආමි කතන්දරය … කොටින්ට එල්ලලා ගහපුවාය..උන්ට පණ පිටින් ගිනි තියා මරපුවාය… අපේ අම්මා හා තාත්තා කිව්වේ ඒවා ඌගේ බයිලා කියාය. මහ කැලේ වහලය රහිත වාහන එලවා පුරුදු ඉනසන්ට් අපේ වෑන් එක එලවද්දීත් ගසක අත්තක් යටින් යන කල ඔලුව නැව්වේය. අත්ත ඔලුවේ වදී කියා බයටය.


............................

පිවිසුම
https://kochchimiris.blogspot.com/

Thursday, October 6, 2016

කාලීන සිදුවීම් දැනුම තොරතුරු හා විචාර සමගින් තවත් වැද්හගත් විවිධාංග බ්ලොග් පිටුවක් " සත් සමුදුර "

දෘඩ තැටියේ අස්ථාන ගතවූ ගොනු නැවත ස්ථාපනයට Recuva,;;

ගොඩක් කාලෙකට පස්සේ පරිගණක සම්බන්ධයෙනුත් කුඩා ලිපියක් ලියන්නට සිතුනා. අද මේ කියන්න යන්නේ Hard Disk එකේ කුමක් හෝ හේතුවක් නිසා අස්ථානගතවූ File නැවත Recovery කර ගන්න පුළුවන් මෘදුකාංගයක් ගැනයි. මාතෘකාවේ තියෙන හැටියටම මේ මෘදුකාංගයේ නම Recuva.


මෙන්න මේ අඩවිය තමයි ඔවුන්ගේ නිල වෙබ් අඩවිය. එහිදී අවශ්‍ය නම් නොමිලේ ලබා දෙන පිටපත ලබා ගැනීමට හෝ වඩාත් පහසුකම් තිබෙන Pro සංස්කරණයට මිලට ගැනීමේ හැකියවත් ලබා දි තිබෙනවා. මමත් කිහිපවිටක්ම මේ මෘදුකංගය භාවිතා කළා. සෑහෙන්න හොද ප්‍රතිඵලත් ලබා ගත්තා.
https://www.piriform.com/recuva

................................................
පිවිසුම
http://sathsamudura.blogspot.com/ 

Friday, September 30, 2016

දැනුම තොරතුරු කාලීන සිද්ධි කලා සාහිත්‍යමය රසවින්දනය සමගින් අළුත්ම විවිධාංග බ්ලොග් එකක් " අදහස් අවකාශය "

ත්‍රිපිටකය නොමිලේ සිංහලෙන් කියවමු

"මාගේ මේ ශ්‍රි සද්ධර්මය බබළන්නේ විවෘත වූ විටය. ආවරණය වූ විට නොවේ"
ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ

ක්‍රි:පූ: 26-19 වලගම්බා රජු කල පාලි භාෂාවෙන් හෙළ අකුරින් ග්‍රන්ථාරූඩ කරන ලද ඒ ශ්‍රී සද්ධර්මය පුස්කොළ මතින් ශතවර්ශ 20ක් කාලය හරහා පැමිණ ක්‍රි:ව: 1956 වර්ෂයට යෙදී තිබුණු 2500 ශ්‍රි සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් සිංහල භාෂාවට පරිවර්ථනය වී බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාව නමින් මුද්‍රණ ද්වාරයෙන් එලිදැක්කේය.

......................................................

පිවිසුම
http://adahasawakashaya.blogspot.com/ 

Wednesday, September 28, 2016

තොරතුරු විවිධාංග කාලීන සිදුවීම් සමගින් රසවින්දනය ගෙනෙන අළුත්ම බ්ලොග් එකක් " රෝමාන්තික රස්තියාදුකාරයා "

මුස්ලිම් ඇන්ටි කෙනෙක්ට ලව් කළෙමි - 1 කොටස


                                                              අද නවකතාවක්, කෙටි කතාවක් තියා කවියක්, නිසදැසක් බැලුවත් තියෙන්නෙ පරම පිවිතුරු, අකලංක, පුජණීය ආදර කතා. ඒ මොකද මිනිස්සු කැමැතියි සුදු චරිත වෙන්න.නොමැතිනම් වැදගත් මහත්වරු වෙන්න,නෝනාවරු වෙන්න. ඒ මහත්වරුන්ගෙන් සහ නෝනවරුන්ගෙන් පිරුණු ලෝකයේ හරිම සින්තැටික් බවක් තමයි රස්තියාදුකාරයට දැනෙන්නෙ. බොරුවෙන් දුවන ඇත්ත වසන් කරන ලෝකය තුළ තියෙන්නෙ පුහු ආත්ම වින්දනයක් පමණයි. එදිරිවීර සරිස්චන්ද්‍රයන්ට වඩා මාර්ටින් වික්‍රමසිංහයන්ට, සයිමන් නවත්තේගමයන්ට රස්තියාදුකාරයා තාමත් පන මෙන් ආදරේ කරන්නේ ඒ නිසා.
                                                 සංහිදියාව ගැන දහසක් දේ කියවෙන කාලෙක රස්තියාදුකාරයා සංහිදියාව කියන දේ ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුම් කරපු කථාවක් තමයි මේ  කථාව පටන් ගන්නෙ රස්තියාදුකාරය දුම්රියෙ යන්න පටන් ගන්ත මුල්ම කාලෙන්.රස්තියාදුකාරයා මුලින්ම හදුනන්නෙ නැති වුවත් පසුව අතිශය හෘදයාංගම බැදිමක් ඇති වූ සමූහයක් නොමැති නම් සෙට් එකක් මේ දුම්රිය තුළ වූණා.අපි හැමදාමත් යන්නෙ පුරුදු තැන.ඒක හරියට ලියල දීපු තැනක් වගෙ වෙන කවුරුත් අපි ඉන්න තැනට එන්නෙත් නෑ අපි කව්රුත් වෙන සෙට් ඉන්න තැන් වලට යන්නෙත් නෑ.දුම්රියෙන් තම රැකියාවට යන්න පුරුදුවෙලා ඉන්න අයටනම් මෙක අළුත් දෙයක් නෙවෙයි.
........................................................
 
පිවිසුම

Monday, September 26, 2016

තවත් තොරතුරු කාලීන සිදුවීම් රසවින්දන සමග එන අළුත් විවිධාංග බ්ලොග් එකක් " අසුරයාගේ තැන "

The සම්මුඛ පරීක්ෂණය

සම්මුඛ පරීක්ෂණ නම් ඉතින් අපි වගේ කට්ටියට හැමදාමනෙ. ඔය අතරෙ පත්තරේකින් ආවා කියහන්කො මාත් එක්ක කතා කරන්න. උන්දැ එක්ක කතා කරපු එක මං ලියාගත්ත විදිහ මේ.
මා = මාධ්‍යවේදියා;
ම = මම;

මා – අද මාත් එක්ක කතා කරන්න ඇවිල්ලා ඉන්නෙ ලංකාවෙ ලොකු සමාගමක ජේෂ්ඨ මෘදුකාංග ඉන්ජිනේරුවෙක්. ආයුබෝවන් දිනුක.
ම – ආයිබෝවන්!
මා – සම්පූර්ණ නම් කිව්වනම්.
ම – රාජපක්ෂ පතිරගේ දොන් දිනුක තිලංග පෙරේරා.
මා – දිග වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?
ම – අම්මා දාපු නමනෙ. වාසගම දාපු එකානම් මට තාම හම්බවුණේ නෑ. අපෙ තාත්තගෙ තාත්තටත් ඒක තිබ්බා.
මා – දිනුක ඉපදුණේ කොහෙද?
ම – ඉස්පිරිතාලෙ.
මා – නෑ මං ඇහුවෙ ඉස්පිරිතාලෙ කොහෙද කියලා.
ම – ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටෙ නව රෝහලේදි
මා – ඒ කියන්නෙ දිනුකගෙ ගම කෝට්ටෙ?
ම – නෑ මහරගම. මහරගම තියෙන්නෙ පිළිකා රෝහල විතරයිනෙ.
මා – මේ දවස් වල මොකද කරන්නෙ?
ම – Angular වලින් ව්‍යාපෘතියක් කරනවා. තව මාස 3, 4කින් ඔයාලාට බලා ගන්න පුළුවන් වේවි. ඒ මදිවට පශ්චාත් උපාධියක් කරනවා. ඒක නම් අවුරුදු ගානකින්වත් මට බලාගන්න බැරි වෙයි වගේ.
මා – දැන් PHP කරන්නෙ නැද්ද?
ම – නෑ. මං ටික කාලෙකට PHP වලින් ඈත් වෙලා Angular වලට බැස්සා. අවස්ථාවක් ලැබුණොත් ආයෙ PHP වලට බහිනවා. ඒත් දැන් අපිට කවුරුත් ඒවාට කතා කරන්නෙ නෑ. ඒවා කරන්න ගොඩක් අය ඉන්නවානෙ. ECTA ආවම කරන්නම වෙන එකක් නෑ.
මා – කොහොමද මේ කේෂේත්‍රයට සම්බන්ධ වුණේ.
ම – උපාධියක් කරලා තමා ආවේ. දැන් හිතෙනවා උසස්පෙල කලෙත් අපරාදෙ කියලා.

.........................................

පිවිසුම
https://dinukathilanga.wordpress.com 

 

Thursday, September 22, 2016

දැනුම කාලීන තොරතුරු විචාර රැගත් වැදගත් විවිධාංග බ්ලොග් එකක් " වාසිතය "

හස්ති වලප - 1 කොටස

මෙම ලිපි මාලාවේ අරමුණ වන්නේ ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය පිළිබඳ සුප්‍රකට මෙන්ම අප්‍රකට තොරතුරු රැසක් ඔබ හමුවේ තැබීමටයි. වලප යන්නෙහි තේරුම හැඬීම යන්නයි. කාලයාගේ ඇවෑමෙන් හස්තීන්ට සිදුවී ඇත්තේ සිනාසීමට නොව හැඩීමටය. 


වර්තමානය වන විට සත්ව විද්‍යාඥයන් විසින් ලෝකයේ සිටින අලි ඇතුන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කරයි. ඒ Elephas Maximus සහ Loxodonta Africanna යනුවෙනි. මේ අතරින් ආසියානු කලාපයේ අලි ඇතුන් Elephas Maximus යනුවෙන් හැදින්වේ.
Elephas Maximus

Loxodonta Africanna

  අතීතයේදී ලංකාවේ අලි ඇතුන් මීට වඩා ඉතාමත් සූක්ෂමව වර්ග 10කට බෙදා වෙන්කර ඇත. මෙසේ වෙන්කර ඇත්තේ ඔවුන්ගේ හැඩහුරුකම් අනුවය.  එම වර්ග 10 නම් :
  • කාලාවක
  • ගන්ගෙයි
  • තම්බ
  • පයාඩර
  • පිංගල
  • හේමන්ත
  • උපොශථ
  • සද්දන්ත
  • ගන්ධ
  • මංගල
 ( පසු ලිපියකින් මේ එක් එක් වර්ගය පිලිබඳ සාකච්චා කෙරේ )
 
පිවිසුම

 

Monday, September 19, 2016

තොරතුරු විවිධාංග සමග රසවින්දනය ගෙනෙන අළුත් බ්ලොග් එකක් " Viraj Weerakkodi "

ඇත්තමයි මට දැනුනා

ඔයාගෙ සුමුදු මුහුනෙන් ගලාගෙන ආව
අාදරණිය සුවද
ගිනිමද්දහනේ රිය කවුලු තුලින් හමාවිත්
මගේ මුහුනේ දැවටිලා සිහිල් කල
ඒ සීතල සුලගෙන් පවා මට දැනුනා
............................................
 
පිවිසුම
http://www.leviathan.site/ 
 
 
 

Wednesday, September 14, 2016

අළුත් තොරතුරු කාලීන සිද්ධි විචාර රැගත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " හැදෙන කොළුවා "

භාරත දුමින්ද කථා වස්තුව සහ "මට මතක් වීම"







සමාවෙයන් භාරත අයියේ
උඹේ වැරැද්ද
ඇත්තමයි උඹේ වැරැද්ද...
දැන්නුවනම් උඹට ලස්සන දුවක් ඉන්නවා කියලා
අම්මපා වෙඩි තියන් නෑ නෑ නෑමයී
එහෙනම් උඹ අද අයියා නෙවෙයි මාමා
උඹට  CALL එකක් දීලා හරි කියන්ඩ තිබුණා
RINGCUT එකක් වත් අඩුම තරමේ....
"මට මතක නෑ" කිව්වේ බොරුවට නෙවේ බන් අයියේ
සිරාවට මට මතක නෑ
රෑට කාපු දේ උදේට මතක නෑ
උදේට කාපු දේ රෑට මතක නෑ
ඉතින් ඇත්ත නෙ බොල කොල්ලෝ.....
මේකට වැරදි මම නෙවේ බං
අර හම්බන්තොට එරාජයා
මගේ සෙල්ලම් පිස්තෝලේ උස්සලා
උගේ එක මගේ ඉණේ ගහල
උඹ දන්නවනේ බං
කොලොප්පන කාරයා කියලා මං
අල්ලපු ගෙදර ඇන්ටි පල්
සිරාවට කිව්වේ බං මං....
...........................
 
පිවිසුම
http://hadenakoluwa.blogspot.com/ 

Tuesday, September 13, 2016

සාහිත්‍යමය රසවින්දනය සඳහාම සුවිශේෂ අළුත් බ්ලොග් පිටුවක් " හදේ තත් නුගැසුම් "

බැස ගොස් හිරු බොහෝ වෙලා - විලියම් වර්ඩ්ස්වර්ත්

බැස ගොස් හිරු බොහෝ වෙලා
තරු එක දෙක එබෙයි බලා
කුරුලු පැටව් පිඹිත් නළා
ගහ කොළ මැද වහං වෙලා

සිටිනා මොබ කුරුලු කෙවිලි
ගයනා ගී මියුරු සැහැලි
ඈත හුළඟ කරයි පෙරැළි
ඇසෙයි සිලිල නඟන සරැලි

නැඟෙනා කුරවීක නදින්
දුරුවෙයි හිස් බව අහසින්
කරනු ද කවුරුන් සක්මන්?
පෙරහැරකින් පුර ලන්ඩන්

රැයක එවන් මසේ පොසොන්
රුවැති හඳකි මුදු අඩවන්
අවිහිංසක වෙද කොතරම්?
ප්‍රමෝදයන් රැයෙක එවන්

.................................................

පිවිසුම
http://madhawapoem.blogspot.com/ 

Friday, September 9, 2016

කාලීන සිදුවීම් තොරතුරු විචාර සමග රසවින්දනය ගෙනෙන තවත් අළුත්ම බ්ලොග් එකක් " සින්බෑඩ්ගේ අඩවිය "

මන්දාරමෙන් එහා.......


ඒක මහ පාළු හැන්දෑවක්.... මන්දාරම් ගතිය හොඳටෝම වැඩිවෙලා සීතලත් එක්කම වැහි බිංදු මට පහර දෙන්න පටන් ගත්තේ හිතක් පපුවක් නැතුව වගේ.... ගෙනාපු කුඩේ මම බස් හොල්ට් එකේ ඉඳන් දිඟ ඇරගත්තේ තෙමෙනවට බයේ නෙමෙයි.... පුරුද්දට...
බිම බලාගෙන හිටිය මගේ අපහැදිලි මුහුණ පෙනුණු වතුර කඩිති උඩට වැහි බිංදු වැටිලා බොඳ වෙලා යනවා මම ඔහේ බලං ඉද්දි හුළඟත් එක්ක ආපු හිරිකඩට මම තෙමිලා ඉවරයි....හුළං පාර වුනත් මාත් එක්ක තරහින් වගේ....
එකපාරටම වතුර වළවල් දෙබෑ කරගෙන ආපු රතු පාට බස් එකක් මං ගාවම සැරට් බ්‍රෙක් පාරක් ගහගෙන නැවත්තුවා...මම කල්පනාවෙන් මිදුණේ එතකොට... කුඩේ ඉහලගෙන හිටියත් මම සෑහෙන්න තෙමිලා... බස් එක අද්දන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මම කුඩෙත් අකුලගෙන බස් එකට ගොඩවැදුනා....


බස් එකෙත් මහ මුසල පාළු බවක් තිබුනේ...එලියේ තිබ්බ අනෝරා වැස්සෙන් තෙහෙට්ටුවට පත්වෙලා හිටිය හැමෝම තම තමන්ගේ සීට් වලට වෙලා මතකයන් එක්ක තනි වෙනවද කොහෙද.... ජනේල අද්දරින්ම තිබ්බ හිස් ආසනයකට මම බරවුණා.... ජනෙල් වීදුරුව ඇතුලෙන් මීදුම් වලාවක් බැඳිලා... එලියෙන් වැහි බිංදු හෝ ගාලා වීදුරුවේ වැදිලා බේරිලා වැටෙනවා....
මම හීන් සීරුවේ ඒ මීදුම් පටලය අතින් පිසදැම්මේ වෙනදා වගේ කිසි රිද්මෙකට එහෙම නෙමෙයි....ඒ හිඩස් අතරින් මට පසුකරගෙන ආපු මතකයන් විතරමයි පෙනුණේ...

......................................................


පිවිසුම
http://sinbadgeadawiya.blogspot.com/

Tuesday, September 6, 2016

තොරතුරු කාලීන සිද්ධි සමගින් තවත් අළුත් විවිධාංග බ්ලොග් එකක් " දම්සො පුතා "

ණය ගෙවීම - 1

ණය වෙන්න මම හුඟාක් බයයි. ණය නොවී ගෙයක් හදන්න බැරි නිසා හැරෙන්න වෙන කිසිම දෙයකට ණය වුනේ නැත්තේ ඒ නිසායි. කොටින්ම කාර් ගන්නවත් ණය නොවී අතේ තියන ගානට රෝද හතරක් ගන්න නිසා දම්සො පුතා යාලුවන්ගෙ උපසාහයට ලක් වෙච්චි අවස්ථා එමටයි.

ඒත් කවදාවත් ගෙවලා ඉවර කරන්න බැරි ණයක් අපි හැමෝටම තියෙනවා. ඒ තමයි අපිව බිහි කල, පෝෂණය කල, පොලොවට පස් වෙන මව් බිම වෙනුවෙන් තියෙන ණය. ඒ ණය සුලුවෙන් හරි ගෙවන්න දම්සො පුතාට ඉඩක් නිර්මාණය වෙන්නෙ අවාසනාවන්ත යුද්ධය නිසා වීම අවාසනවක්. ඒ අවාසනාවන්ත වේදනාත්මක අත්දැකීම සටහන් කරන්නයි උත්සාහ කරන්නේ. 

යුද හමුදාවට බැදුනේ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය හරහා. හෙදර ඉතාමත් අකමැත්ත මත. එක් වරක් පමණක් ඒ ලෙවල් විභාගය කිරීම සහ ඒ දිනවල තිබිච්ච දැඩි ජීවිත අවදානම තමයි ප්‍රධාන විරෝධතා. හමුදාවට බැදෙන්න ප්‍රධාන හේතුව වුනෙත් ඒකම තමයි. ඒක තමයි දෙවන වර ඒ ලෙවල් කිරිල්ලෙන් ගැලවීම  සහ කැම්පස් ගිහින් තව අවුරුදු ගානක් කුණ කන්න තිබුනු අකමැත්ත. ඊට අමතරව කීයක් හරි අතට ගන්න තිබුනු ආශාව, යුනිෆෝර්ම් එකක් අදින්න තිබුනු ආශාව වගේ අවශේෂ හේතුත් තිබුනා. කැම්පස් නොය ඉදීමේ බලාපොරොත්තුව නම් ඉෂ්ට වුනේ නැහැ. හමුදාවට බැදෙද්දි විශ්ව විද්‍යාලෙ නීති පීඨෙට තේරිලා තිබුනත් කොහොමින් හරි අන්තීමේදි වෛද්‍ය පීඨෙටම යන්න වුනා. සරලව කිව්වොත් දම්සො පුතා මෙඩිසින් ගියේ ලකුනු අඩුවෙන්. හැබැයි එහෙම වුනාට එකම වතාවක් වත් එකම විෂයක් වත් අසමත් නොවී වෛද්‍ය උපාධිය ගත්තා විතරක් නොවෙයි විශේෂඥ්‍ය සුදුසුකමුත් අර ගෙනයි නතර වුනේ. ඒ හින්දා දොස්තර කෙනෙක් කිරීම පිලිබඳ ණයකුත් හමුදාවට ගෙවන්න ඉතුරු වුන. ඒ ණයත් යම් තරමින් හරි ගෙව්වා කියලයි දම්සො පුතා හිතන්නෙ. 
.........................................................

පිවිසුම

Monday, September 5, 2016

අළුත්ම තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන තාක්ෂණික දැනුම පිරි බ්ලොග් එකක් " අළුත් දේවල් "

සිංහල බ්ලොග් වලිනුත් ගානක් 




සිංහල බ්ලොග් එකක් සමහර වෙලාවට ඔයාලත් ලියනවා ඇති මේ වෙනකොටත්. සමහර විට ඔයා බ්ලොග් එක ලියන්න ඇත්තෙ ඒකෙන් ගානක් ඉපැයීමේ අරමුණින් වෙන්නත් ඇති. මාර වැඩේ කියන්නෙ adsense වගේ හොදම advertising network ඔයාගෙ සිංහල බ්ලොග් වලට අනුමත කරන්නෙ නැති එක. තව Chitika, Bidvertiser, Revenuehits වගේ advertising network ඔයාගෙ සිංහල බ්ලොග් එකට ads දුන්නත් ඒවගෙන් ගානක් ලැබෙන්න පිටරට කෙනෙක් ඇවිත් අපේ බ්ලොග් එකේ ads click කරන්නම ඕනෙ. අපේ සිංහල බ්ලොග් වලට පිටරටින් කට්ටිය ඒවිද? ඒ එන කෙනා අපේ බ්ලොග් එකේ ads click කරාවිද? දුකයි යාලුවනේ ඒක නිකන් හිනා යන වැඩක්. මමත් revenuehits ads දාගෙන හිටියා අන්තිමට මාස තුනක් ගිහිල්ලත් එකතු වුනේ 0.004$ කියන්නකො. මම ඉතින් උත්සහය අත්හැරියෙම නෑ. අන්තිමට කොහොමහරි ගේම දීලා හොදම advertising network එක හොයාගත්තා. මේක ඉංග්‍රීසි වගේම සිංහල බ්ලොග් වලටත් එක වගේම අනුමත කරන 100% විශ්වාසවන්ත වෙබ් අඩවි සමාගමක්.
Sinhala_Blog_popcash 
.............................................................
පිවිසුම
http://lesiyenaluthde.blogspot.com/ 

Saturday, September 3, 2016

කාලීන සිදුවීම් තොරතුරු විචාර සමගින් තවත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " දෙයියන්ගේ රටේ "

කොළඹ ගංවතුර - 2



පෙර ලිපිය හා සබැඳි...



කැලණි ගඟේ ගංවතුරට වගකිවයුත්තෙක් නිශ්චිතව සොයා ගැනීමට නොමැත. එහෙත් රාජ්‍ය ආයතන කිහිපයක්ම විවිධ ආකාරයෙන් ඒ හා සම්බන්ධ වී සිටින අතර ඒවා අතර මනා සම්බන්ධීකරණයක් නොමැති වීම ගැටලුවේම කොටසක් බවට පත්ව තිබේ.



ගඟේ ගංවතුරෙන් අවට ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පැවරී ඇති අතර පෙර ලිපියේ දැක්වුණු පරිදි ගංවතුර පාලන බැමි හා ගේට්ටු වල ක්‍රියාකාරීත්වය හා නඩත්තු කිරීම ඔවුන් යටතේ පවතී. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ඇළ මාර්ග භාරව සිටින බැවින් ඒ ආශ්‍රිතව ඇති වන ගංවතුර පාලනය කිරීමද ඒ හා බැඳී පවතී. එහෙත් මේ "ආශ්‍රිත ප්‍රදේශ" මොනවාද යන්න පමණක් නොව නෛතිකව "ගංවතුර පාලනය" යන්න ඔවුන් වෙත පැවරී තිබේද යන්නත් අණ-පනත් විමසා දැනගත යුතු කාරණයකි. එබැවින්ම කොළොන්නාව ගංවතුරෙන් යට වීමට වගකිව යුත්තේ කවුද යන්න තබා ඒ ගැන විමසිය යුතු වන්නේ කාගෙන්ද යන්නත් නොවිසඳී ඉතිරි වී ඇති ප්‍රශ්නයකි.



එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය සැලකීමේදී ගංවතුරට යට වූ ප්‍රදේශ වල ජනතාවට අවශ්‍ය හදිසි ආපදා සේවාවන් සැපයීම සම්බන්ධයෙන් ඔවුන්ගේ මූලික අවධානය යොමු වූ අතර නිසියාකාරව ගංවතුර කල්තියා හඳුනාගැනීමේ ක්‍රමවේදයක අඩුව දක්නට ලැබුණි.



රාජ්‍ය ආයතන අතර තොරතුරු හුවමාරු කරගැනීම හා මනා සම්බන්ධීකරණය මගින් ආපදා කළමනාකාරණය, දියුණු රටවල රාජ්‍ය ව්‍යුහයේ අනිවාර්ය අංගයක් ලෙස ක්‍රියාත්මක වේ. උදාහරණයක් ලෙස, අප කළ සංචාරයකදී දැනගත් පරිදි, දකුණු කොරියාව තුළ WINS (Water Resources Management Information System) නමින් හඳුන්වන ජලය හා සම්බන්ධ තොරතුරු පද්ධතියක් ඇති අතර මෙමගින් රාජ්‍ය ආයතන 10ක් අතර ජලය හා සම්බන්ධ තොරතුරු හුවමාරුව සිදු වේ.
  දකුණු කොරියාවේ රාජ්‍ය ආයතන අතර ජලය සම්බන්ධ තොරතුරු හුවමාරුව දැක්වෙන සාරාංශයක්... (ගත්තේ, සංචාරය ගැන මා විසින්ම සකස් කළ වාර්තාවකිනි)
 ..............................................................................................
පිවිසුම





Tuesday, August 30, 2016

කාලීන සිදුවීම් තොරතුරු සමග තවත් විවිධාංග බ්ලොග් පිටුවක් " මකරාගේ බ්ලොග් සටහන් "

මගේ කැප් තොප්පිය “ලු”




මකරට මේ සීන් එක වෙන්නේ 2009 වසරේදිලු. මකරාට වයස අවුරුදු 6ක්ලු. හිටියේ 1 වසරෙලු. ඒ කාලේ මකරා හෙන ඇච්චාලු. 

අඩි දෙකක්වත් උස නැතිලු. 2009 මාර්තු  මාසෙත් ආවලු. ඔය කාලේ ඉතිම් අර සටනයි, මේ සටනයි ගාල්ලේ තිබුනලු.  

 ඒ කාලේ ගාල්ලේ සටන් දෙක තුනක්ම තිබුනලු. නමුත් අද වෙන කොට යහතින් තියෙන්නේ එක සටනක් ලු. ඒ සටන ගැන මකරා පස්සෙ කියනවලු.
 
ඉතිම් මකරා සටන, සටන යැයි කීවත් සමහරුන්ට නිච්චියක් නැති වෙන්නට පුලුවනිලු.  මකරා සටන සටන යැයි කියන්නේ ලොකු තරගවලටලු.  

ඒ කිව්වේ බිග් මැච් වලටලු. ගාල්ලේ දැන් ඉතිරිව ඇත්තේ එක සටනක් පමණයිලු.  ඉතිරි ඒවා අවසන් වූයේ ගහ මරා ගැනීමෙන් පසුවලු.


ඉතිම් ඔය සීසන් එකට ඉස්කෝලෙ නම දාලා කැප් තොප්පි, T ෂර්ට් එහෙම මහනවලු. ඉතිම් මකරාත් 1 වසරෙ ඇච්චාත් අම්මාට කියා තොප්පියක් ගත්තලු. 
.................................................

පිවිසුම
http://ranwanmakara.blogspot.com/

Monday, August 29, 2016

කාලීන සිදුවීම් තොරතුරු සමග විචාර රැගත් අළුත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " Mama "

ක්‍රිකට් තව දුරටත් රට ජාතිය දේශප්‍රේමය නියෝජනය කරන ක්‍රීඩාවක් නොවේ. ක්‍රිකට් යනු සුදු ජාතිකයන් අව්වේ තැපීම සඳහා සාදාගත් ක්‍රීඩාවකි. පන්දු යවන්නාත්, පන්දුවට පහර දෙන්නාත් හැරුණු විට අනෙක් පිරිස පන්දුව පැමිණෙන තුරු කටවක්කර ගෙන ඔහේ බලා සිටිති. ක්‍රිකට් ක්‍රීඩාව අපට ආකර්ෂණීය වුවද, ක්‍රීඩාවක් ලෙස ඉතා සෙමින් සිදුවන කම්මැළි ක්‍රීඩාවකි. පන්දු ඕවර පණහක් උදේ සිට සවස් වන තුරු ක්‍රීඩා කරන අතර, ටෙස්ට් තරගයක් දින පහක් ක්‍රීඩා කරයි. දින පහක් ක්‍රීඩා කළද, බොහෝ තරග ජය පැරදුමකින් තොරව නිමවෙයි. දවස් පහක් සෙල්ලම් කළද, ජයග්‍රහණයක් ලැබිය නොහැකි තරගයක් වෙතොත් ඒ ක්‍රිකට්ය. සුද්දාට අප යටත්ව නොසිටියා නම් අපට ක්‍රිකට් නැත. සුද්දා ජීවත් වන සීතල රටවල අවුවේ තැපීමට හදාගත් ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් හැඳින්විය හැක. අංශක අනූවට ඉරමුදුන් වන අපේ රටේද, කට්ට අව්වේ වේලෙමින් ක්‍රීඩා කිරීම අපට ඉමහත් ජොලියකි. එහි ඇති අවුලක් අපට නොපෙනෙයි.
ක්‍රිකට් තව දුරටත් රට ජාතිය දේශප්‍රේමය නියෝජනය කරන ක්‍රීඩාවක් නොවේ. අපේ කොල්ලෝ, අපේ අය සිංහ පැටව් යනු නරඹන්නන් චූන් වීම පිණිස හදාගත් සංකල්පය. ඔය කිසිම ක්‍රීඩකයෙකු රට වෙනුවෙන් සෙල්ලම් කරන්නේ නැත. ක්‍රිකට් දැන් දේශීයත්වයෙන් ගෝලීය තත්ත්වයට පැන ඇත. ක්‍රීඩකයෝ මුදලට වෙන්දේසි වෙති. විශ්‍රාම ගිය පසු වෙනත් රටවල පුහුණුකරුවන් වී, එම ක්‍රීඩකයන් තමන්ගේ රටට විරුද්ධව ජයග්‍රහණය කරා මෙහෙයවයි. මුදල් වෙනුවෙන් තම රටේ ක්‍රීඩකයන්ව පරාජය සඳහා මෙහෙයවන තැන රට වෙනුවෙන් ක්‍රීඩා කළා යැයි පැවසීම විහිළුවක් බවට පත්වෙයි. රට වෙනුවෙන් බයිලය දැන් නැවැත්විය යුතුය. රට වෙනුවෙන් සිංහ පැටව් වැනි බයිලා අවශ්‍ය වන්නේ ක්‍රීඩකයන්ට නොවේ. 

...............................................................

පිවිසුම
http://mamatharunaya.blogspot.com/ 

 

Friday, August 26, 2016

තොරතුරු තාක්ෂණ හා සන්නිවේදනය සම්බන්ධ දැනුම ගෙනෙන අළුත් බ්ලොග් පිටුවක් " ගිනිදැල් "

තවත් ගින්දර වැඩක්....

අප බ්ලොග් තරගයක් අළුතින් පටන්ගත්තා. ඔබේ බ්ලොග් අඩවිය / වෙබ් අඩවිය මෙම තරගයට ඇතුළත් කර ඇත්ද? නැත්නම් දැන්ම ඇතුළත් කරන්න..

මේකෙන් දින්නොත් ඔයාට ඔයාගේ සයිට් එකට වැදගත් කෝඩ් ටිකක් හෝ SEO Tools දෙනවා.


කොහොමද ඇතුල් වෙන්නේ

ඇතුල් වෙන්නේ මේ සයිට් එකෙන් යන්න. ඒකේ තියනවා "Add Your Site" කියලා ෆෝම් එකක්. ඒක පුරවන්න. 
ඒක ‍මේ විදියට පුරවන්න.
Name                     (ඔබගේ නම)
Email                     (ස්ථාවර ඊ-ලිපිනය)
Website                  (තරගයට ඇතුළත් කරන අඩවියේ ලින්කුව)
Site Type                (එම අඩවිය අයත් වර්ගය)
 
............................................
 
පිවිසුම